වාර්තාකාරියකගෙන් සමාව අයැද සිටි නාගසාකි නගරාධිපතිවරයා


නාගසාකි නගරාධිපති වරයා කළ වරදට සමාව අයදී

.

Nagasaki නගරයේ මියගිය නගර නිලධාරියෙකු විසින් 2007 වසරේදී කාන්තා වාර්තාකරුවෙකු ලිංගික අතවරයකට ලක් කළ බවට පිළිගනිමින් Nagasaki දිස්ත්‍රික් උසාවිය නිකුත් කරන ලද නඩු තීන්දුවකින් පසුව ජූලි 13 වන දින Tokyo නගරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී වත්මන් Nagasaki නගරාධිපති Tomihisa Taue අදාළ කාන්තා වාර්තාකරුගෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ. 

 

දෙවන ලෝක යුද්ධයේදී එක්සත් ජනපද හමුදා විසින් Nagasaki නගරයට හෙළන ලද පරමාණු බෝම්බයෙන් හානියට පත් වූවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් 2007 අගෝස්තු 9 වන දින පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික සාම අනුස්මරණ උත්සවය සම්බන්ධයෙන් පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සැකකාර නගර නිලධාරියා විසින් වාර්තාකරුට ලිංගික අතවර සිදු කර ඇති අතර එම නිලධාරියා එවකට නගරයේ පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් අයගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත .  පසුකාලීනව ඇයට ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් සිය රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට පවා ඇයට සිදුව තිබේ .

 

මෙම වසරේ මැයි 30 වන දින, දිස්ත්‍රික් උසාවිය විසින් Nagasaki නගර රජය ඊට වගකිව යුතු බවට නිවේදනය කළ අතර, වන්දි වශයෙන් යෙන් මිලියන 19.75 ගෙවන ලෙසට නියෝග කළේය. නාගසාකි නාගරික ආන්ඩුව නියෝගය සම්බන්ධයෙන් ජූනි 7 දින කියා සිටියේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකරන බවයි .

 

"හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ක්‍රියාවන් රාජ්‍ය සේවකයෙකුට පිළිගත නොහැකි දෙයක් වන අතර ඔහුගේ තනතුරෙන් ප්‍රයෝජන ගත් බවට අපි පිළිගන්නවා. අපි ඔබට දිගු කලක් අඛණ්ඩව දුක් විඳීමට සහ වාර්තාකරුවෙකු ලෙස සාර්ථක වීමට ඔබට ඇති හැකියාවට බාධා කළෙමු" යනුවෙන් පවසමින් සමාව අයැද සිටියේය.

 

රැස්වීමෙන් පසු මාර්ගගත තාක්ෂණය ඔස්සේ අදහස් දක්‌වමින් කාන්තා වාර්තාකරු කියා සිටියේ "අපරාධකරුගේ පාර්ශ්වයෙන් නිල සමාවක් ලැබීම ලිංගික අතවරවලට ලක්වූවන් යථා තත්ත්වයට පත් කිරීමට විශාල දායකත්වයක් සපයයි" යනුවෙනි. ලිංගික වෙනස්කම් වලට ඇති ඉඩකඩ ඉවත් කර මානව හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඇය මෙහිදී නගරයෙන් ඉල්ලා සිටියාය.

131 Views

Comments