සූර්යබලය භාවිතයෙන් පවත්වාගෙන යන ජපාන ගොවිපළ


Chiba ප්‍රාන්තයේ සූර්ය බල භාවිතයෙන් පවත්වාගෙන යන ගොවිපලක් හමුවේ

.

Takeshi Magami ගේ ගොවිපල ජපානයේ අනෙකුත් ගොවිපොළ මෙන්ම අර්තාපල් සිට ඉඟුරු සහ වම්බටු දක්වා ඕනෑම දෙයක් වගා කරන නමුත් බෝග වලට ඉහළින් පිහිටා ඇති සූර්ය පැනල 2826 මඟින් එය අසල්වැසි ගොවිපළ වලට වඩා වෙනස් බව ජනතාවට පෙන්වා දෙයි. 

 

Chiba ප්‍රාන්තයේ නිස්කලංක ගම්බද ප්‍රදේශයක හෙක්ටයාර් එකක් තරම් වූ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි සිදු කර ඇති වගාවේ මෙම සූර්ය පැනල සවි කොට ඇති ආකාරය ගොවිපළට ඇතුළු වන ඕනෑම නරඹන්නෙකු හට දැකගත හැකිය .

 

ගොවිපල පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පූර්ණ විදුලි බලය සැපයීම මෙන්ම රටේ විදුලිබල පද්ධතියට අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය විකිණීම මගින් අමතර ආදායම් මාර්ගයක් සකස්කර ගැනීම මෙම සූර්ය පැනල භාවිතයෙන් ඉටුකරගනු ලබන ද්විත්ව අරමුණු ලෙස ගොවිපල දක්වා තිබේ .

120 Views

Comments