ජපානය, දකුණු කොරියා විදේශ අමාත්‍යවරු යුධ කාලීන කම්කරු ප්‍රශ්නය සාකච්ඡා පැවැත්වීමට එකඟ වේ.


ජපානය හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් වීමට පියවර ගැනේ

.

ජපානයේ සහ දකුණු කොරියාවේ විදේශ අමාත්‍යවරු දෙරට අතර පවතින යුද කාලීන කම්කරු ගැටලුවක් විසඳීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟ වී ඇත. ජපාන විදේශ සහ ඔහුගේ දකුණු කොරියානු සහකාර සඳුදා නිව්යෝර්ක් නුවරදී පැයක පමණ කාලයක් මේ සඳහා හමුවී තිබේ . 

 

ජපාන සමාගම්වලින් අත්පත් කරගත් වත්කම් ඈවර කිරීමට පෙර විසඳුමක් සෙවීමට දකුණු කොරියානු පාර්ශවය උත්සාහ කරමින් සිටින බව කොරියානු අමාත්‍යවරයා නැවත අවධාරණය කර ඇත. 

 

දකුණු කොරියාවේ දෙවන ලෝක යුධ සමයේදී තමන් හෝ ඔවුන්ගේ ඥාතීන් සමාගම්වල සේවය කිරීමට බලකෙරුණු බව පවසන පුද්ගලයින්ට වන්දි ගෙවන ලෙස ජපාන සමාගම්වලට නියෝග කරමින් තීන්දු අවසන් කර ඇත.

103 Views

Comments