ජපානයේ නැගෙනහිර සහ ඊසාන දෙසින් වූ Fukushima සහ Miyagi, Yamagata, Ibaraki, Niigata සහ Tochigi යන ප්‍රාන්තවලට ඉරිදා දහවල් 12.24 ට පමණ රික්ටර් පරිමාණයේ 5.8 ක මූලික ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඇති වූ නමුත් එමඟින් සුනාමි තර්ජනයක් ඇති නොවූ බව ජපාන කාලගුණ ඒජන්සිය පැවැසීය.
භූමිකම්පාවෙන් පසුව සිදුවූ තුවාල හෝ බරපතල දේපල හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති අතර Ibaraki වෙරළ තීරයේ Tokai අංක 2 න්‍යෂ්ටික බලාගාරයේ හෝ Fukushima Daiichi සහ Daini න්‍යෂ්ටික බලාගාරයේ කිසිදු අසාමාන්‍යතාවයක් හමු නොවූ බව ඒවායේ ක්‍රියාකරුවන් ප්‍රකාශ කළේය.
ප්‍රවාහනයේදී විශාල බාධාවක් සිදු නොවූ අතර Fukushima සහ Miyagi ප්‍රාන්ත අතර Tohoku Shinkansen බුලට් දුම්රිය මාර්ගයේ කොටසක සේවා කෙටියෙන් අත්හිටුවා ඇති බව JR East පැවැසීය.