ජපානයේ පිහිටි Sun Yat-sen චීන අනුස්මරණ ශාලාව


ජපානයේ පිහිටි චීන අනුස්මරණ ශාලාව සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනී

.

1915 වසරේදී බටහිර ජපානයේ නගරයේ ප්‍රමුඛ චීන වෙළෙන්දෙකුගේ විශාල සහ සුඛෝපභෝගි මන්දිරයේ කොටසක් ලෙස ඉදිකරන ලද "Ijokaku" තෙමහල් ව්‍යුහය වර්තමානයේදී චීන විප්ලවවාදී Sun Yat-sen (1866-1925) වෙනුවෙන් කැප කර තිබේ .

 

Kobe ප්‍රාන්තයේ Tarumi Ward හි Akashi Kaikyo පාලම අසල පිහිටි Hyogo ප්‍රාන්ත රජයේ Maiko උද්‍යානයේ සුදුමැලි කොළ පැහැයෙන් යුතු අෂ්ටාස්‍ර කුළුණ නිල් අහසට එරෙහිව නැගී ඇති ආකාරය නරඹන්නන් හට දැකගත හැකිය .

 

Sun Yat-sen අනුස්මරණ ශාලාව ලෙස නම් කර ඇති අතර මෙම මන්දිරය "Ijokaku" ලෙසද හැඳින්වේ. ජාතික වශයෙන් වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කර ඇති මෙම ව්‍යුහය Kobe හි ධනවත් චීන වෙළෙන්දෙකු වූ Wu Jintang (1855-1926) විසින් ඉදිකර ඇති බව සඳහන් වේ . 

 

පසුකාලීනව 1983 දී Hyogo ප්‍රාන්ත රජයට පරිත්‍යාග කරන ලද මෙම මන්දිරය  වර්තමානයේදී අනුස්මරණ ශාලාවක් ලෙස භාවිතයට ගැනේ.

156 Views

Comments