ඇප මුදල් ආපසු ගෙවීම වෙනුවෙන් සොරකම් කළ ඔසාකා මිනිසා


ඇප මුදල් ගෙවීමට සොරකම් කළ පුද්ගලයෙකු නැවත අත්අඩංගුවට පත්වේ

.

කලින් හිරෙන් නිදහස් වීම වෙනුවෙන් ලබා ගත් "ඇප මුදල් ආපසු ගෙවීමට" මුදල් නොමැතිවීම නිසා සිදු කළ සොරකම් 21 ක් සම්බන්ධයෙන් නඩු විභාගයේ සිටින පුද්ගලයෙකු නැවතත් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව Kyoto සහ Osaka ප්‍රාන්ත පොලිසිය මැයි 20 දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 

Osaka නගරයේ ජීවත් වූ ඉදිකිරීම් කම්කරුවෙකු වන 39 හැවිරිදි Jun Yamaoka නම් මෙම පුද්ගලයා කාන්තාවන්ගේ බඩු බාහිරාදිය උදුරා ගැනීම ඇතුළු වෙනත් සොරකම් කීපයක් සිදු කළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ඔහු මීට පෙරදී වෙනත් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  අධිචෝදනා ලැබ සිටි අයකු වන අතර " මම ලොක්කා ලවා මගේ ඇප මුදල් ගෙව්වා. ඔහුට ආපසු ඒම ණය ගෙවන විට මට මුදල් නැති වුණා. එනිසා මම නැවත මුදල් පසුම්බි උදුරා ගැනීමට යොමු වුණා " යනුවෙන් ඔහු පොලිසියට පැවසූ බව සඳහන් වේ. ඔහු විසින් මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම යෙන් මිලියන 4.6 ක් පමණ වන බව වාර්තා වේ.

130 Views

Comments