සිය සේවා ස්ථානවල COVID-19 මාර්ගෝපදේශ නීති ලිහිල් කළ ජපාන සමාගම


Hitachi සමාගම එතුළ corona නීති ලිහිල් කරයි

.

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෘෂ්ටිකෝණයට අනුකූලව සමාගමේ සේවකයන් හට පනවා තිබූ මුව ආවරණ පැළඳීමේ නීති ලිහිල් කරමින්, සංවාදයේ නොයෙදෙන විටදී සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කරන විටදී මුහුණු ආවරණ ඉවත් කිරීමට ඔවුන්ට ඉඩ සලසා දී ඇති බව Hitachi Ltd අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

සමාගම සිය සේවකයින්ට සෑම විටම මුහුණු ආවරණය පළදින ලෙස නිර්දේශ කර ඇති නමුත් සමාගමේ නව ක්‍රියාමාර්ග වලට අනුව එකිනෙකාගෙන් මීටර් 2 කට වඩා දුරක් පවත්වා ගන්නේ නම් ඔවුන් එළිමහනේ කතා කරන විටදී පවා මුව ආවරණය පැළඳීම අවශ්‍ය නොවේ. 

 

Corona වෛරසයට එරෙහිව සටන් කිරීමේදී මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම සිදුකළ යුතු ප්‍රමාණය පිළිබඳව මේ වනවිට මහජන විවාදයක් පැන නැගී ඇති බැවින් ප්‍රධාන කාර්මික සමූහාණ්ඩුව විසින් මෙලෙස මුව ආවරණ මාර්ගෝපදේශ ලිහිල් කිරීම අනෙකුත් ජපන් සමාගම්වලටද සිය මාර්ගෝපදේශ නීති ලිහිල් කිරීමට මග පෙන්වන්නක් බව පැවැසේ.

115 Views

Comments