COVID එන්නත් සහයෝගීතාවයට එකඟ වූ රාජ්‍ය නායකයෝ


ප්‍රබල රාජ්‍ය නායකයන් ලොවපුරා රටවල් වලට කොවිඩ් එන්නත ලබාදීම වේගවත් කිරීමට දායක වීමට සූදානම් වේ

.

එළැඹෙන සතියේ අඟහරුවාදා දින Tokyo අගනුවරදී පැවැත්වීමට නියමිත ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල නායකයින්ගේ සහභාගීත්ව සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවට COVID-19 එන්නත් ලබා දීම වේගවත් කිරීමට රාජ්‍ය නායකයින් එකඟ වනු ඇතැයි ජපානයේ විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු සෙනසුරාදා ප්‍රකාශ කළේය.

 

අර්ධ ලෙස සංවර්ධිත රටවල් තුළ ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ බලපෑමට එරෙහිව ක්‍රියාකරන ඉන්දු-පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හතරේ උත්සාහයේ කොටසක් ලෙස මෙම ගිවිසුම හැඳින්වේ. 

 

සංවර්ධනය වෙමින් පවතින රටවල වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වන සෞඛ්‍ය සේවකයින් සඳහා වූ රෝහල් පුහුණුව සහ එන්නත් ලබාදීම මෙන්ම එහි වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් එම රටවලට තවදුරටත් උපකාර කිරීම ඔවුන්ගේ ප්‍රතිඥා ප්‍රකාශයේ ඇතුළත් කිරීමට රටවල් හතර සලකා බලමින් සිටින බව වාර්තා වේ.

119 Views

Comments