සංගීතය යොදාගනිමින් තම මව් රට වෙනුවෙන් සේවය කරන කුඩා දැරියක්


යුක්‍රේන දැරියක් තම මවු රට වෙනුවෙන් සහයෝගීතාවය ඉල්ලයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වීමත‍් සමඟ ආරක්ෂාව පතා සිය මව රැගෙන ජපානයට පැමිණි 15 හැවිරිදි දැරියක් වූ Khrystyna Oksanych විසින් මැයි 22 වන දින නගරයේ පැවති පුණ්‍ය ප්‍රසංගයකට සහභාගී වී අලංකාර පියානෝ තනුවක් වාදනය කරමින් තම මව් රට සඳහා සහාය ලබාදෙන ඉල්ලා සිටියාය.

 

මාර්තු මාසයේදී සිය මව සමඟ Kyiv නගරය හැරදා  ජපානයට පැමිණි ඇය මේ වනවිට ටෝකියෝ නුවර උසස් පාසලක ඇතුළු වී ජපන් භාෂාව සහ අනෙකුත් විෂයයන් අධ්‍යයනය කරමින් සිටී. ජපානයේ සිටින ඇගේ ඥාතියෙකු වන 44 හැවිරිදි Denys Vyshina නම් ගායිකාව විසින් Yachiyo නාගරික රජයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව Oksanych හට ප්‍රසංගයට සම්බන්ධ වීමට ඉඩ සැලසී තිබේ .

 

ප්‍රේක්ෂකයන්ගේ උද්යෝගිමත් අත්පොලසන් නාදය මධ්‍යයේ ප්‍රසංගය අවසානයේදී, කලාකරුවන් යුක්‍රේන ජාතික ගීය ගායනා කළ අතර "මගේ වර්තමාන හැඟීම් ප්‍රේක්ෂකයින් වෙත ළඟා වන බවක් පෙනෙන්නට තිබීම ගැන මම සතුටු වෙමි. සංගීතය හරහා යුක්‍රේනය වෙනුවෙන් මට කළ හැකි දේ දිගටම කිරීමට මම කැමතියි" යනුවෙන් Oksanych පැවැසුවාය.

143 Views

Comments