නගරයේ ස්වභාවික වස්තුවක් බවට පත්වූ ගිනි මැස්සන්


Hime botaru ගිනි මැස්සන් ජපාන උද්‍යානය එළිය කරයි

.

බටහිර ජපානයේ Osaka ප්‍රාන්තයේ Suita නගරයේ Senri Ryokuchi උද්‍යානයේ රාත්‍රී කාලයේදී "hime-botaru"  නම් ගිනි මැස්සන් වර්ගයක් අඳුරේ එළිය විහිදුවමින් සිටින ආකාරය දක්නට ලැබේ. 

 

දිලිසෙන කහ පැහැති ආලෝකයන් නිකුත් කරන මෙම කෘමීන්ගේ අභිජනන කාලය පැමිණ ඇති බැවින් මැයි මාසය අවසානය වනතෙක් උද්‍යානයේ එළිමහන් භූමියේදී හිරු බැස ගිය පසු ඔවුන්ව නැරඹීමට මෙන්ම ජායාරූප ගැනීමට නරඹන්නන් හට අවස්ථාව හිමිවේ. 

 

ප්‍රාදේශීය සංගමයක් විසින් 1998 සිට ගිනි මැස්සන් සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිලිමීටර් 7 සිට 11 දක්වා දිගින් යුත් Hime-botaru ගිනි මැස්සන් 2011 දී නගරයේ ස්වාභාවික වස්තුවක් ලෙස නම් කර තිබේ.

176 Views

Comments