මැයි 23 වන දින ජපානයේ අගනුවර නව වෛරස ආසාදිතයින් 2025 ක් සහ තහවුරු කරන ලද COVID-19 මරණ හයක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින් 2025 න් 923 කට COVID-19 එන්නත් දෙකක්ද, 21 කට එක් එන්නතක් ද ලබා දී ඇති අතර ආසාදිතයින් 532 කට කිසිදු එන්නතක් ලබාදී නොමැති බව සදහන් වේ .
මැයි පළමු සතිය තුළ ජපාන අගනුවර දිනකට වාර්තා වූ නව ආසාදිතයින්ගේ සාමාන්‍යය ලෙස 2,961.4 ක් සටහන් වූ අතර, දෙවන සතියේදී 4,151.6 දක්වා එහි අගය ඉහළ ගොස් තුන්වන සතියේදී 3,564.6 දක්වා පහත වැටී තිබේ .