Okayama ප්‍රාන්තයේ Wake ප්‍රදේශයේදී පාසල් සිසුවියකට පිහියක් පෙන්වා තර්ජනය කළ බවට සැකපිට 42 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු ප්‍රාදේශීය පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ .
සෙනසුරාදා පස්වරු 4 ට පමණ පාසල නිමවී නිවස බලා යමින් සිටි ජ්‍යෙෂ්ඨ ප්‍රාථමික වයසේ පසුවන ළමුන් 10 දෙනෙකුගෙන් සමන්විත පේළියක අවසානයට සිටි දැරියගේ පිටුපසින් පැමිණි Takaharu Maeda ඇගේ උරහිසට අත තබා පිහියක් පෙන්වා ඔහු සමඟ ලෙස තර්ජනය කොට ඇත .
දැරිය ඔහුගෙන් බේරී ගොස් ඇති අතර මගියකු 110 ට අමතා සිදුවීම පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය විසින් Maeda එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ .