එක්සත් ජනපද  ජනාධිපතිගේ පලමු ජපාන සංචාරය


එක්සත් ජනපද ජනාධිපති ජපානයේ පළමුවරට සංචාරය කරයි

.

චීනයේ ස්ථාවරත්වය මධ්‍යයේ ද්විපාර්ශ්වික සන්ධානය ශක්තිමත් කිරීම සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සහයෝගීතාවය නැවත තහවුරු කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජනපද ජනාධිපති Joe Biden සිය පලමු ජපාන සංචාරය ආරම්භ කරමින් ඉරිදා දින ජපානයට පැමිණියේය. 

 

ටෝකියෝ තදාසන්න ප්‍රදේශයේ Yokota ගුවන් කඳවුරට පැමිණි ජනපති Biden, ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi, ජපානයේ එක්සත් ජනපද තානාපති Rahm Emanuel සහ වෙනත් අය විසින් ඉරිදා පස්‌වරුවේ  පිළිගනු ලැබීය.

 

කලාපය තුළ එක්සත් ජනපද ආර්ථික කටයුතු වේගවත් කිරීම සහ  ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව දියත් කිරීම යන අංශ දෙකට සහභාගිවන්නන්ගේ ලැයිස්තුවක් සඳුදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan පැවසීය.   නමුත් තායිවානය මූලික දියත් කිරීමේ සාමාජිකයෙකු නොවන බව ඔහු සඳහන් කළේය.

130 Views

Comments