ඕසකා ආණ්ඩුකාරවරයා තේරීමේ මැතිවරණය අප්‍රේල් මාසයේදී.


මෙවර මැතිවරණයේදී වත්මන් ආණ්ඩුකාරවරයාද තරඟ කිරීමට නියමිතයි.

.

අප්‍රේල් 9 වැනි දින පැවැත්වීමට නියමිත ඕසකා ආආණ්ඩුකාරවරයා තේරීමේ මැතිවරණය සම්බන්ධයෙන්, කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් "දීප්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඕසකා ප්‍රාන්ත රජයක් නිර්මාණය කිරීමේ සමාජය" යන සිවිල් කණ්ඩායම ඊයේ(07) නිවේදනය කළේ හිටපු කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරයාට සහාය දෙන බවයි.

ඒ අනුව 46 හැවිරිදි කොටරෝ ටට්සුමි මහතා කොමියුනිස්ට් පක්ෂය විසින් නිර්දේශ කරනු ඇත.

මේ අතර ආණ්ඩුකාර ධූර මැතිවරණයේදී වත්මන් ආණ්ඩුකාර  හිරොෆුමි යොෂිමුරා ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක් වන ඕසකා ප්‍රතිස්ථාපන පක්ෂය යටතේ තරඟ කිරීමට අදහස් කර ඇත.

133 Views

Comments