උතුරු කොරියාවට ආධාර කිරීමට සූදානම් වන ජපානය


ජපානය උතුරු කොරියාවට සහයෝගය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කරයි

.

Corona වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය සමඟ උතුරු කොරියාව පොරබදමින් සිටින බැවින් ජනතාවට වෛද්‍ය අධාර ලබාදීමට ජපාන රජය සලකා බැලිය යුතු බවට ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi ඉරිදා යෝජනා කළේය. 

 

" එරට සමඟ අපට කිසිඳු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොමැත, නමුත් එයින් අදහස් කරන්නේ මෙතරම් අසීරු අවස්ථාවකදී පාවා අප එය තනිවම තැබිය යුතු බව නොවේ" යනුවෙන් Niigata නගරයේ පැවති දේශනයකදී Hayashi පැවසීය.

 

රට පුරා පැතිර යන උණ රෝගයේ මූලාරම්භය තවමත් හඳුනාගෙන නොමැති අතර උතුරු කොරියාව සතුව සීමිත COVID-19 පරීක්ෂණ කට්ටල සංඛ්‍යාවක් ඇති බව විශ්වාස කරන බැවින්, වෛරසය සඳහා කොපමණ පිරිසක් ධනාත්මක ද යන්න පරීක්‍ෂා කිරිමේ හැකියාව පිළිබඳව තොරතුරු ලබා දී නොමැත.

 

උතුරු කොරියාවේ සැකසහිත COVID-19 පුපුරා යාම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව, ප්‍රශ්නය විසඳා නොගතහොත් නව විකෘති COVID-19 වෛරසයක් ලෝකයට පැතිර යා හැකි බවට Hayashi මතයක් ඉදිරිපත් කොට තිබේ .

118 Views

Comments