BA 5 එන්නත් කිරීමෙන් පසු පුද්ගලයෙක් මිය යයි


තෝකියෝ හි Ome නගරයේ දී මෙය සිදු වී ඇත

.

වයස අවුරුදු 70 වන පුද්ගලයෙක්ට කොරෝනා වයිරස් එන්නත ලබා දීමෙන් පසු ඔහු මිය ගිය බව ඊයේ තෝකියෝ හි  සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරන ලදී.

එන්නත ලබා දීමෙන් පසු එම ස්ථානයේ රැඳී සිටියදී ඔහුගේ හෘද ස්පන්දනය අඩුවන බව දැනගත් වෛද්‍යවරුන් සහ හෙදියන් හෘද සම්බාහනය සහ ඔක්සිජන් ආශ්වාස කිරීම වැනි ජීවිතාරක්ෂක පියවර ගත් නමුත් රෝහලට රැගෙන යාමේ දී ඔහු මිය ගොස් ඇත. ඔහු මිය යන විට 5 වන කොරෝනා වයිරස් එන්නත ලබා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.

119 Views

Comments