පසුගිය මාසයේ Hokkaido හි Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේදී ගිලී ගිය Kazu l සංචාරක යාත්රාව ගොඩ ගැනීමේ වැඩකටයුතු ආරම්භ කරමින් මැයි 23 වන දින උදෑසන කිමිදුම්කරුවන් මුහුදට බැස තිබේ.
1 වන කලාපීය වෙරළාරක්ෂක මූලස්ථානයට අනුව, මැයි 23 වන දින උදෑසන 6 ට පමණ, Nippon Salvage Co. barge Kaishin හි ගොඩගැනීම සදහා වූ කටයුතු සූදානම් කර ඇති අතර පෙ.ව 7.50 ට පමණ කිමිදුම්කරුවන් විදුලි සෝපානයක් භාවිතයෙන් දිය යටට බැසීමට පටන් ගෙන ඇත .
නමුත් වෙරළාරක්ෂක නෞකා විසින් අතුරුදන් වූ මගීන් සහ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් 12 දෙනා සෙවීමේ මෙහෙයුම් කටයුතු Hokkaido ආසන්න මුහුදේදී තවමත් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි .