බටහිර ජපානයේ Wakayama ප්‍රාන්තයේ නව යොවුන් වියේ පසුවන දෙවන වසරේ, කනිෂ්ඨ උසස් සහ උසස් පාසල් සිසුන් 23 දෙනෙකුගෙන් එක් අයෙකු පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා "තරුණ රැකබලා ගන්නන්" ලෙස නවතම සමීක්ෂණයකින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙහි ප්‍රථම ප්‍රශ්නාවලිය, 2021 ඔක්තෝබර් සහ නොවැම්බර් කාලය තුළදී පැවැත්වූ අතර, සිසුන් 14,237 ක් එයට ප්‍රතිචාර දක්වා තිබේ. පසුගියදා ප්‍රාන්ත රජය විසින් එම නිර්නාමික සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර ඔවුන්ගෙන් 80% කට මඳක් වැඩි ප්‍රමාණයක් දෙනා කිසි දිනෙක තමන්ට ඇති ගැටළු පිළිබඳව කිසිවෙකු සමඟ සාකච්ඡා කර නොමැති බව එමගින් හෙළිවී තිබේ.
තරුණ රැකවල්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් සමඟ සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා මගින්, පවුලේ සාමාජිකයන්ට ප්‍රකාශ කිරීමට අපහසු , දරුවන්ගේ ජීවිතවලට බරපතළ බලපෑමක් ඇති කරන දෛනික කර්තව්‍යයන් පිළිබඳ යථාර්ථය ඔවුන් විසින්ම හෙළි කොට තිබේ .