ලැයිස්තුගත සමාගම්වලට ස්ත්‍රී පුරුෂ පරතරය හෙළි කිරීමට අනිවාර්ය කළ ජපානය


ඇතැම් සමාගම් වල ස්ත්‍රී පුරුෂ භාවය අනුව වැටුප් විෂමතා ඇති බව හෙළි වේ

.

සංවර්ධිත රටවල් අතර ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් පහළම මට්ටමේ සිටින රටක් ලෙස සැලකෙන ජපානය තුළ ලැයිස්තුගත සමාගම් වල සේවකයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතර ඇති පරතරයන් හෙළිදරව් කිරීම අනිවාර්ය කරමින් අගමැති Fumio Kishida විසින් සිදුකරන ලද යෝජනාවට ජපාන මූල්‍ය නියාමක මණ්ඩලය සඳුදා හරිත එළියක් දල්වා තිබේ. 

 

මෙම අනුමැතිය හරහා ගිම්හානය වන විට කාන්තා සවිබල ගැන්වීම සඳහා වන රෙගුලාසි සංශෝධනය කිරීමට සහ සේවා ස්ථානය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ තත්ත්වය හෙළි කිරීමට අනිවාර්ය කොට තිබේ. 

 

මේ අනුව දැනට ජපානය තුළ සේවකයින් 300 කට වැඩි සංඛ්‍යාවක් සිටින 17,600 ක් වූ සියලුම සමාගම් ඔවුන්ගේ වෙබ් පිටුවල වැටුප් පරතරය පිළිබදව දත්ත සැපයීමට අවශ්‍ය වේ.

Comments