අනාගතය සඳහා වැදගත් හවුල්කරුවන් තෝරාගත් ASEAN වැසියෝ


ASEAN සංගමයේ නවතම හවුල්කරුවා ලෙස ජපානය තේරී පත්වෙයි

.

ජපාන විදේශ අමාත්‍යාංශය විසින් අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ASEAN) රටවල පදිංචිකරුවන් ඉලක්ක කරගනිමින් සිදුකළ සමීක්ෂණයේදී ප්‍රධාන ආර්ථිකයන් 20 ට අයත් කණ්ඩායමේ රටවල් අතරින් වැදගත්ම දෙවන අනාගත හවුල්කරුවා ලෙස ජනතාව විසින් ජපානය තෝරා ගෙන ඇති බව පසුගියදා අමාත්‍යාංශය සඳහන් කළේය. 

 

මෙම මත විමසුමේ ප්‍රතිඵල විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැයි 25 දින නිකුත් කල අතර චීනය එහි ප්‍රථම ස්ථානයට පත්විය.පශ්චාත් යුධ සමයේ සාමකාමී රටක් ලෙස ජපානයේ ප්‍රගතිය සම්බන්ධයෙන්, 88% ජනතාවක් පිළිතුරු දුන්නේ රටේ උත්සාහයන් "ඉතා ඉහළින්" හෝ "තරමක්" අනුමත කරන බවයි. 

 

ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා ජපානයේ දායකත්වය සම්බන්ධයෙන්, 90% දෙනා ජපානය "ඉතා වැදගත් " හෝ "තරමක් වැදගත්" කාර්යභාරයක් ඉටු කරන බව පවසමින් පිළිතුරු දී තිබේ 

116 Views

Comments