ලෝක සංචාරක ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණි ජපානය


ජපානය ලෝක සංචාරක ශ්‍රේණිගත කිරීම් වල පලවෙනි තැනට පත්වේ

.

ලෝක ආර්ථික සංසදය විසින් 2021 වසරට අදාළ සංචාරක සංවර්ධන වාර්තාව පසුගිය අඟහරුවාදා ඉදිරිපත් කළ අතර Corona වෛරස ව්‍යාප්තියට එරෙහිව පනවා තිබූ සීමාවන් හේතුවෙන් විදේශීය සංචාරකයින් සඳහා රට වසා දමා තිබියදීත්, ගමනාන්ත ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පැමිණීමට ජපානය සමත් වී තිබේ.

 

පළමු වරට ලැයිස්තුවේ  ඉහළම ස්ථානයට පැමිණි ජපානය එහි සංස්කෘතික සම්පත් සහ යටිතල පහසුකම් කාණ්ඩ කිහිපයකට අනුව ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර එක්සත් ජනපදය එහි දෙවන ස්ථානයට සහ ස්පාඤ්ඤය තෙවන ස්ථානයට පත් වී ඇත. 

 

වසංගතයේ ව්‍යාප්තිය සහ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණයේ බලපෑම මධ්‍යයේ වුවත් සංචාරක කර්මාන්තය සෙමෙන් යථා තත්ත්වයට පත්වන විටදී අතීත සහ වර්තමාන අර්බුදවලින් පාඩම් ඉගෙන ගැනීම සහ සංචාරයට දිගුකාලීන අංශ ඇතුළත් කිරීම්, තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළත් කිරීමට පියවර ගැනීම තීරණාත්මක වන බව සඳහන් වේ.

210 Views

Comments