රෝහල් පුනරුත්ථාපන කාමරයට ගිනි තැබූ රෝගියා


Tsubasa සායනයේ රැඳී සිටි රෝගියෙක් රෝහල් කාමරයට ගිනි තැබීමට තැත් කරයි

.

Nishinari Ward හි Tsubasa සායනයෙහි පළමු මහලේ පුනරුත්ථාපන කාමරයේ රඳවා සිටි 68 හැවිරිදි රෝගියෙකු රෝහල් කාමරයට ගිනි තැබීමට තැත් කළ බවට සැකපිට ඔසාකා පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ .

 

රාත්‍රී 7.40 ට පමණ Soichi Yokota නම් රෝගීයා විසින් ලයිටරයක් ​​භාවිතා කොට රුධිර පීඩනය මැනීමේ යන්ත්‍රයකට ගිනි තබා තිබේ. ඒ සමගම අනතුරු ඇඟවීමේ නලාව නාද වූ බැවින් තවත් රෝගියෙකු ගිනි නිවන උපකරණයක් භාවිතා කොට ගින්න නිවා දමා ඇති අතර රුධිර පීඩන යන්ත්‍රයේ මොනිටරයට හා පුටුවකට පමණක් හානි වී ඇති බව පැවැසේ . 

 

නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව Yokota හඳුනාගෙන ඇති  අතර රෝහල් ජීවිතයේදී ගිලිහී ගිය ආතතිය ලිහිල් කිරීමට උත්සාහ ගැනීමක් ලෙස එය සිදුකළ බව චෝදනා පිළිගනිමින් ඔහු  පොලීසියට පවසා ඇත .

145 Views

Comments