Tokyo හි වාහන නැවැත්වීමේ අංගනයෙන් හමුවූ අලුත උපන් බිලිඳා


Tokyoහි වාහන අංගනයකින් අලුත උපන් බිලිඳකු හමුවේ

.

රැකවරණය සඳහා වගකිව යුතු පුද්ගලයෙකු නොමැති වීම නිසා දමා ගොස් ඇතැයි සැලකෙන පෙකණි වැල පවා කපා ඉවත් නොකළ බිළිඳෙකු  ටෝකියෝ හිදී පසුගියදා සොයාගෙන ඇති බව වාර්තා වේ. 

 

Tokyo ප්‍රාන්තයේ Inage Ward හි Chiba නගරයේ ප්‍රාදේශීය ප්‍රාථමික පාසල් සිසුවෙකු විසින් මැයි 23 වන දින සවස 4:30 ට පමණ නේවාසික ප්‍රදේශයක වාහන නැවැත්වීමේ අංගනයක අඬමින් සිටි බිළිඳා දැක ඇති අතර සිසුවාගේ මව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.

 

අනතුරුව Chiba ප්‍රාන්ත පොලිසියේ Chibakita පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඩයපර් එකක් අන්දවා බ්ලැන්කට්ටුවක ඔතා දමා ගොස්‌ සිටි බිලිඳා ගිලන් රථයකින් රෝහලට යවා ඇති අතර ඇය බාහිර තුවාල නොමැතිව සුවයෙන් සිටින බව පොලීසිය පැවැසීය.

162 Views

Comments