විශාල අමතර බදු සහ දඩ මුදල්වලින් වැළකීම සඳහා වියට්නාම රජයේ නිලධාරීන්ට යෙන් මිලියන 23.6ක පමණ අල්ලස් ලබාදුන් බවට සැකපිට ටෝකියෝවේ ප්ලාස්ටික් නිෂ්පාදකයෙකුට , හිටපු සභාපතිවරයකුට සහ තවත් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
Tokyo අභිචෝදකයින් විසින් Tenma Crop සමාගමේ 69 හැවිරිදි හිටපු සභාපති Kaneto Fujino, එවකට විධායක නිලධාරි සහ ආයතනික සැලසුම් දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වූ 57 හැවිරිදි Tsutomu Hosogoe සහ එවකට සභාපති වූ 51 හැවිරිදි Haruhiko Yoshida හට මෙලෙස චෝදනා එල්ල කොට තිබේ.
ජපානයේ විමර්ශකයින් විසින් රාජ්‍ය තාන්ත්‍රික නාලිකා භාවිතා කරමින් වියට්නාම බලධාරීන්ගෙන් චෝදනා සොයා බැලීමට සහාය ඉල්ලා සිටි අතර අදාළ නිලධාරීන් තිදෙනාම චෝදනා පිළිගෙන ඇති බව සමීප ආරංචි මාර්ග පැවැසීය.