දුර්ලභ අධිකරණ තීන්දුවක් හිමිකරගත් Hokkaido න්‍යෂ්ටික බලාගාරය


Hokkaido න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ නොකළ යුතු බවට තීරණයක් ලැබේ

.

ආරක්ෂාව පිළිබඳ පැනනැගී ඇති හේතු කීපයක් මත Hokkaido හි පිහිටි සිය න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටි සමාගමකට ජපාන අධිකරණයක් විසින් මැයි 31 වන අගහරුවාදා දින දුර්ලභ නඩු තීන්දුවක් නිකුත් කරමින් ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ නොකළ යුතු බවට නියෝග කොට තිබේ. 

 

2011 වසරේ නොවැම්බර් මාසයේදී Hokkaido Electric Power සමාගමට එරෙහිව න්‍යෂ්ටික අර්බුදයෙන් පසුව ගොනුකර ඇති මෙම නඩුවේදී Tomari න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක තුනේම ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ නොකළ යුතු බවට Sapporo දිස්ත්‍රික් අධිකරණය තීන්දු කළේය.

 

"තමන්ට මෙම තීන්දුව පිළිගත නොහැකි බවත් ක්ෂණිකව අභියාචනයක් ගොනු කරන බවත්" Hokkaido Electric Power සමාගම නඩු තීන්දුව පිළිබඳව සිය අදහස් දක්‌වමින් පැවසුවේය.

Comments