ආශ්චර්යමත් ආලෝකයේ උමග


Kiyotsu Gorge ප්‍රදේශය සංචාරක ආකර්ෂණය වඩාත් දිනාගනී

.

Niigata ප්‍රාන්තයේ Kiyotsu Gorge යනු මීට වසර මිලියන 16 කට පමණ පෙර ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් නිර්මාණය වූ අද්විතීය පාෂාණ සඳහා ප්‍රසිද්ධව ඇති දැවැන්ත ආශ්චර්යමත් ගිනිකඳු කුළුණු වේ. තීරු සන්ධි ලෙසද හැඳින්වෙන මීටර් 750 ක දිගකින් යුතු මෙම ​​උමං මාර්ගය  Ma Yansong සහ MAD Architects කණ්ඩායම විසින් 1988 න් පසු කාලයකදී ඉදිකර තිබේ. 

 

මෙම දුර්ගය හරහා ගලා බසින Kiyotsu ගංගාව තවදුරටත් ඛාදනය වෙමින් විශේෂ සුන්දර ස්ථානයක් උමඟ තුළ නිර්මාණය කරනු ලබයි .ජපානයේ අලංකාරම ගිරි දුර්ග වලින් එකක් ලෙස සැලකෙන Kiyotsukyo, ගිම්හානයේ සශ්‍රීක කොළ සහ සරත් සෘතුවේ Mosaic ලෙසින් ඇතිවන සෘතුමය සුන්දරත්වය නිසාවෙන් අතිශයින් ප්‍රසිද්ධ වූ ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය . 

 

උමගෙහි කාර්මික හා කර්කශ ස්වභාවය සමඟ ආලෝකකරණය සහ සමකාලීන කලා කෘති සම්මිශ්‍රණය වීම හේතුවෙන් සුන්දර ස්වභාවික භූ දර්ශනයක් නරඹන්නන් හට දැක බලා ගත හැකි වේ. උමග සම්පූර්ණයෙන්ම සමතලා වන අතර මිනිත්තු 60 පමණ කාලයක් ඇවිද යාමෙන් පසුව නැවත ආරම්භක ස්ථානයට ගමන් කළ හැකි වේ.

172 Views

Comments