යෝජනා ක්රමයේ නව කෙටුම්පත් අනුවාදයක් එළිදැක්වූ බැවින් ලිංගික සුළුතරයන් සම්බන්ධ හවුල්කාරිත්වයන් හඳුනා ගන්නා ක්‍රමයක් නොවැම්බර් මාසයේ සිට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ටෝකියෝ අගනගර රජය නිවේදනයක් නිකුත් කරමින් අඟහරුවාදා පැවැසීය.
ජපානය Lesbian, Gay , Bisexual (ද්වී ලිංගික), සහ Transgender Community ( සංක්‍රාන්ති ලිංගික) ප්‍රජාවේ සාමාජිකයන් අතර විවාහය නීත්‍යානුකූලව පිළිනොගන්නා නමුත් බොහෝ ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතන විසින් සුළුතරයක් වූ ලිංගික ජෝඩු හඳුනාගැනීම සඳහා නීත්‍යානුකූලව බැඳීම් රහිත සහතික නිකුත් කරනු ලබයි.
එහි පලමු පියවර ලෙස මානව හිමිකම් පිළිබඳ දැනට පවත්නා ආඥා පනතේ කෙටුම්පතක් සකස් කොට එළැඹෙන ජුනි මාසයේදී ටෝකියෝ මෙට්‍රොපොලිටන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව බව නිලධාරීන් පැවැසූ අතර එබැවින් Aomori, Akita, Ibaraki, Gunma, Mie, Osaka, Fukuoka සහ Saga යන ප්‍රාන්ත අනුගමනය කරමින් යම් ආකාරයක හවුල්කාරිත්ව ක්‍රමයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන Tokyo ජපානයේ ප්‍රාන්ත 47 අතුරින් නවවැනි ප්‍රාන්තය බවට වනු ඇතැයි පැවැසේ .