ගිලී ගිය සංචාරක බෝට්ටුව බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම


ගිලී ගිය බෝට්ටුවේ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ

.

ඛේදවාචකයට හේතුව සොයා බැලීම ප්‍රමාද කරමින් මෙම සතිය මුලදී සිය මුදාගැනීමේ පලමුවෙනි මෙහෙයුම ව්‍යර්ථව යළි මුහුදු පත්ලට වැටුණු Kazu l යාත්‍රාව නැවත ගොඩගැනීම වෙනුවෙන් Nippon Salvage සමාගමේ සේවකයන් විසින් දෙවන වතාවටත් යාත්‍රාවේ මෙහෙයුම් කටයුතු බ්‍රහස්පතින්දා ආරම්භ කොට ඇති බව වාර්තා වේ. 

 

ඒ අනුව 19-ton Kazu I සිකුරාදා වනවිට මතුපිටට ගෙන ඒමේ අරමුණින් අද උදෑසන වනවිට බෝට්ටුවේ දුන්න සහ කෙලවර වටා නයිලෝන් පටි ඔතා වානේ රාමුවකට තද කර, යාත්‍රාව එසවීම සඳහා ඉදිරි පියවරක් සලකුණු  කිරීමට සමාගමේ සේවක මණ්ඩලය සමත්වී තිබේ . 

 

සංචාරක බෝට්ටුව නොගැඹුරු ජලය වෙත ගෙන ගිය පසු, එහි නැංගුරම අතහැරිය හැකි, දොඹකරයක් භාවිතා කර යාත්‍රාව පැතලි බෝට්ටුවක් මතට පැටවීමට නියමිත අතර යාත්‍රාව සිකුරාදා වන විට Abashiri වරායට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට ඇති බව Nippon Salvage සමාගම පැවැසීය .

169 Views

Comments