එක්සත් බව ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ජපාන උඩුගුවනේ පැවති හමුදා මෙහෙයුම


ජපානයේ සහ එක්සත් ජනපදයේ එක්සත් බව විදහා දැක්වීමට ජපන් උඩුගුවනේ ගුවන් සංදර්ශණයක් පැවැත්වෙයි

.

චීනය, රුසියාව සහ උතුරු කොරියාව විසින් සිදුකළ මෑත කාලීන ප්‍රකෝපකාරී ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජපාන සහ එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා විසින් දෙරටේ එකමුතුභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා ජපාන මුහුද හරහා ඒකාබද්ධ ගුවන් ගමනක් පැවැත්වූ බව රජයේ මූලාශ්‍රයක් බදාදා දින ප්‍රකාශ කළේය. 

 

පසුගිය බදාදා දින උතුරු කොරියාව සිය නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් Ballistic මිසයිල තුනක් දියත් කිරීම මෙන්ම චීනය සහ රුසියාව ජපාන මුහුදේ උඩුගුවනේ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා හයක් පියාසර කිරීමෙන් දිනකට පසුව රජය විසින් මෙම පියවර ගෙන තිබේ. 

 

Hokkaido හි ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ Chitose කඳවුරෙන් F-15s සහ Aomori ප්‍රාන්තයේ Misawa හි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරෙන් F-16s ලෙස හැඳින්වෙන යානා මෙම ඒකාබද්ධ ගුවන් ගමනට සිය සහභාගීත්වය ලබාදී ඇත.

121 Views

Comments