ජපාන - තායිලන්ත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කෙරේ


ජපානය හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් වේ

.

ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව හරහා කලාපීය සබඳතා වැඩි දියුණු කරගැනීමේ අපේක්ෂාවෙන් ජපාන අගමැති Fumio Kishida සහ ඔහුගේ තායි සහකරු Prayut Chan-o-cha අතර සාකච්ඡා මැයි 26 වන බ්‍රහස්පතින්දා දින ටෝකියෝහිදී ආරම්භ විය. 

 

ඩිජිටල් ආර්ථිකය සඳහා ප්‍රමිතීන් සැකසීම, සුරක්ෂිත සැපයුම් දාමයන් සහතික කිරීම සහ පිරිසිදු බලශක්තිය ලබාගැනීම යන අංශ වල ප්‍රධාන ආයෝජන සිදු  කළයුතු ආකාරය පිළිබඳව මෙහිදී නායකයන් දෙදෙනා අතර අදහස්‌ හුවමාරු කර ගැනීම සිදුවිය. 

 

"අපගේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට මම කැමැත්තෙමි" යනුවෙන් සාකච්ඡා ආරම්භයේදී මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් Kishida පැවැසීය.

96 Views

Comments