අවන්හලකට කඩා වැදුණු මැර කල්ලි සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට


මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් "චීන ඩ්‍රැගන්" නම් අර්ධ මැර කල්ලි කණ්ඩායමේ 51 හැවිරිදි විධායක නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් "චීන ඩ්‍රැගන්" නම් අර්ධ මැර කල්ලි කණ්ඩායමේ 51 හැවිරිදි විධායක නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ "සන්ෂයින් 60"  ගොඩනැගිල්ලේ ඇති වූ ගැටුමකදී ව්‍යාපාරයට බලහත්කාරයෙන් බාධා කිරීම සහ ගොඩනැගිල්ලකට ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට ය.  

විමර්ශන මූලාශ්‍රවලට අනුව සාමාජිකයන් පස්දෙනා ඔක්තෝබර් 16 වැනිදා සවස 6.00 න් පසු ගොඩනැගිල්ලේ 58 වැනි මහලේ පිහිටි ප්‍රංශ අවන්හලකට කඩා වැදී සෙසු සාමාජිකයන් සමඟ රණ්ඩුවකට පැමිණ අවන්හලේ කටයුතුවලට බාධා කළ බවට සැක කෙරේ.

 

122 Views

Comments