ආසියානු අසල්වාසීන් අතර පවතින අභියෝග මධ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව පවත්වා ගැනීම වෙනුවෙන් චීන ජනාධිපති Xi Jinping සමඟ සංවාදයක් පැවැත්වීම වැදගත් බව ජපාන අගමැති Fumio Kishida නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටු සැසියකදී පසුගියදා ප්‍රකාශ කළේය.
චීනය ජපානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන නමුත් නැගෙනහිර චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති දූපත් සමූහයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මේ වනවිට විශාල ලෙස විනාශ වී ගොස් තිබේ.
"අපි චීනය සමඟ ඵලදායී සබඳතා පවත්වා ගත යුතුයි. අපගේ සමුළු රැස්වීම සඳහා නිශ්චිත දිනයක් නියම කර නැත. නමුත් ජපානය සහ චීනය සන්නිවේදනය කිරීම වැදගත් වේ " යනුවෙන් Kishida තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.