රට තුළ පනවා තිබූ COVID-19 දේශසීමා පාලන නීති ක්‍රමයෙන් ලිහිල් කරමින් සිටින බැවින් එළැඹෙන ජුනි 10 සිට විදේශීය සංචාරකයින් වෙනුවෙන් රට නැවත විවෘත කෙරෙන බව අගමැති Fumio Kishida නිවේදනයක් නිකුත් කරමින් බ්‍රහස්පතින්දා පැවසීය.
Tokyo හි පැවති ජාත්‍යන්තර උත්සවයක් අතරතුරදී Kishida මේ පිළිබඳව අදහස් දැක්වූ අතර Okinawa සහ Hokkaido හි ජනප්‍රිය සංචාරක ස්ථාන වල පිවිසුම් දොරටු වන Naha සහ New Chitose ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් ජුනි මාසයේදී නැවත ආරම්භ කරන බව Kishida පැවසීය.
ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය විසින් අඟහරුවාදා සිට බලපැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ එක්සත් ජනපදය යන රටවල සංචාරක සමාගම් සේවකයින් හට ජපානය තුළ කුඩා පරිමාණ පරීක්ෂණ චාරිකා සඳහා ආරාධනා කර තිබේ