බාලවයස්කාර දැරියක් පැහැර ගෙන ගිය තරුණයා


බාලවයස්කාර දැරිය පැහැරගෙන ගියේ තමන් අත්අඩංගුවට ගනියි

.

Gunma ප්‍රාන්තයේ Kiryu හි පොලිසිය විසින් අන්තර්ජාලය හරහා මුණගැසුණු නව යොවුන් වියේ දැරියක් පැහැරගෙන ගොස් සිය නිවසේ රඳවා තබා ගත් බවට සැකපිට 21 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයෙකු වන Kisei Osawa අඟහරුවාදා රාත්‍රී 8 ට පමණ Niigata නගරයේ ජීවත් වන දැරියගේ නිවස අසලදී ඇය හමුවී ඇති අතර ඉන්පසු ඇයව Kiryu හි පිහිටි ඔහුගේ මහල් නිවාසයට රැගෙන ගොස් ඇත. 

 

දැරියගේ පවුලේ අය සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට වාර්තා කර ඇති අතර බදාදා පස්වරුවේ Osawa ඔහුගේ නිවසේ සිටියදී  අත්අඩංගුවට ගෙන තිබේ . දැරිය ආරක්ෂිත භාරයට ගෙන ඇති අතර ඇයට කිසිඳු හානියක් වී නොමැති බව පොලිසිය පැවැසීය

175 Views

Comments