නාගසාකි නගරයේ නිවාස කිහිපයක ගින්නක්


අද(06) පස්වරු 1.40ට පමණ නාගසාකි නගරයේ අබුරායා-චෝ ප්‍රදේශයේ නිවාස කීපයක් ගිනිගෙන තිබෙනවා.

.

අද(06) පස්වරු 1.40ට පමණ නාගසාකි නගරයේ අබුරායා-චෝ ප්‍රදේශයේ නිවාස කීපයක් ගිනිගෙන තිබෙනවා.

ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව නිවාස තුනක් ගිනිගෙන ඇති අතර නිවාස දෙකක කොටසක් සහ ගොඩනැගිලි දෙකක් පිළිස්සී ඇත.

නාගසාකි ප්‍රාන්ත පොලිසියට අනුව පස්වරු 6.20 වන විටත් එම නිවසේ පදිංචි පුද්ගලයන් තිදෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම ප්‍රදේශය JR නාගසාකි දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.6ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි නේවාසික ප්‍රදේශයකි.

120 Views

Comments