දියණියට පහරදී අපයෝජනයට ලක් කළ මවක්


දියණිය අපයෝජනයට ලක් කළ මවක් අත්අඩංගුවට පත්වේ

.

Gifu ප්‍රාන්තයේ Ogaki හි පදිංචිව සිටි අර්ධකාලීන රැකියාවක් කරන 36 හැවිරිදි කාන්තාවක් තම 8 හැවිරිදි දියණියට බඳ පටියකින් පහර දී අපයෝජනය කළ බවට සැකපිට ප්‍රාදේශිය පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ . 

 

බ්‍රසීල ජාතික කාන්තාවක වන සැකකාරිය විසින් බදාදා සවස 6 ට පමණ තම නිවසේදී දියණියගේ පිටට සහ බෙල්ලට කිහිප වතාවක් පහර දී ඇති අතර දැරිය බ්‍රහස්පතින්දා පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් සොයාබැලීමට නිවසට පැමිණි පාසල් නිලධාරීන්  විසින් සිදුවීම පිළිබඳව පොලිසියට පවසා තිබේ . 

 

පසුව පොලීසිය විසින් දැරිය රෝහල් ගත කර ඇති අතර ඇයගේ දේහයේ අභ්‍යයන්තර රුධිර වහනයක් සිදුව ඇති බව එහිදී වෛද්‍යවරුන් පැවැසීය. තම දියණියට පහරදීම පිළිබඳ චෝදනාව කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය සඳහන් කළේය .

116 Views

Comments