බාහිර අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීමට යෝජනා කළ Toshiba සමාගම


Toshiba සමාගම එහි නායකත්වයට නව මුහුණු එකතු කිරීමට බලාපොරොත්තු වෙයි

.

ජපාන තාක්‍ෂණ දැවැන්තයා වන Toshiba විසින් එළැඹෙන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත කොටස් හිමියන්ගේ රැස්වීමට පෙර සමාගමේ යෝජිත නායකත්වයට නව එකතු කිරීම් කිහිපයක් එක් කරන බව බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .

 

ඒ අනුව අත්පත් කර ගැනීම් සහ ආයෝජන හසුරුවන Elliott Opportunity II Corp හි විධායක නිලධාරියෙකු වන Nabeel Bhanji සහ එක්සත් ජනපද ආයෝජන සමාගමක් වන Farallon Capital Management හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ Eijiro Imai යන නිලධාරීන් බාහිර අධ්‍යක්ෂවරුන් ලෙස මණ්ඩලයට එක් කිරීමට උත්සාහ කරන බව Toshiba Corp කියා සිටියේය. 

 

එක්සත් ජනපද ආයෝජන බැංකුවක් වන Houlihan Lockey හි විධායක නිලධාරියෙකු වන Akihiro Watanabe සමාගමේ මණ්ඩලය සඳහා දැනටමත් යෝජනා කර තිබේ .

118 Views

Comments