දුම්රිය පෞද්ගලීකරණයට නායකත්වය දුන් සභාපති Kasai මියයයි


ජපන් දුම්රිය සේවාව පෞද්ගලීකරණය කිරීමට මුල පිරූ පුද්ගලයා මිය යයි

.

1980 වර්ෂයේ අගභාගයේදී ජපාන ජාතික දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හිටපු මධ්‍යම ජපන් දුම්රිය සමාගමේ ගෞරවනීය සභාපති වූ 81 හැවිරිදි Yoshiyuki Kasai අන්තරාල නියුමෝනියාව හේතුවෙන් මිය ගොස් ඇති බව දුම්රිය ක්‍රියාකරු සිකුරාදා පැවසීය.  

 

1987 දී ජපානයේ දුම්රිය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රජය සතු ඒකාධිපති පාලනය බිඳ දැමීමට නායකත්වය දුන් JR East සහ JR West හි හිටපු සභාපතිවරුන් අයත්වන ප්‍රධාන චරිත තුනෙන් එක් චරිතයක් ලෙස එතුමා හැඳින්විය හැකි වේ. 

 

1963 දී Tokyo විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු රජයේ දුම්රිය සේවයට සම්බන්ධ වූ එතුමා මුල් කාලයේදී ආයතනික සැලසුම් සහ කම්කරු අංශවල සේවය කළ අතර 1995 දී Tokyo සහ Osaka සම්බන්ධ කරන Tokaido Shinkansen මාර්ගයේ JR Central හි සභාපති බවට පත්වී තිබේ.

120 Views

Comments