යුක්රේනයට යාමෙන් වලකින ලෙස ජපාන රජය ජනයාගෙන් ඉල්ලයි ..


පවතින උනුසුම් හමුදා වාතාවරණය යටතේ යුක්රේනයට සංචාර යොදාගැනීමෙන් වලකින ලෙස..

.

පවතින උනුසුම් හමුදා වාතාවරණය යටතේ යුක්රේනයට සංචාර යොදාගැනීමෙන් වලකින ලෙස ජපාන රජය සිය මහජනයාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් රාජ්‍ය  තාන්ත්‍රික නිලධාරීන් යුක්රේන යෙන් ඉවත් කරගැනීම ගැන  ජපාන රජය තවදුරටත්  විමසා බලමින් සිටින බව වාර්තා වේ. ජපානය මෙම තීරණය ගන්නා ලද්දේ ඇමරිකාව සිය ජනයා සහ නිලධාරීන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමෙන් පසුව වීම ඉතා වැදගත් කරුනක් බව විචාරකයන්ගෙ මතයයි. ජපාන කැබිනට් ප්‍රකාශක Hirokazu Matsuno මේ බව ඊයේ මාධ්‍යට පවසා සිටියේය.

338 Views

Comments