සහයෝගීතාව තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජපාන-මැලේසියානු සාකච්ඡා


ජපානය හා මැලේසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වේ

.

කලාපීය ගැටළු වලදී සහ යුක්‍රේනයේ අර්බුදය සම්බන්ධයෙන් සහයෝගීතාව දැක්විය යුතු ආකාරය තේමා කරගනිමින් පසුගිය සිකුරාදා දින Tokyo හිදී ආරම්භ වූ ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා අගමැති Fumio Kishida සහ ඔහුගේ මැලේසියානු සහකරු Ismail Sabri Yaakob සහභාගී වූ බව වාර්තා වේ. 

 

කලාපය තුළ චීනයේ වර්ධනය වන මිලිටරි හා ආර්ථික බලපෑම් වලට එරෙහිව ජපානය සහ එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරන ලද නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් දර්ශනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සිය අදහස් දැක්වීම අතරතුරදී Kishida මැලේසියාවේ සහාය ඉල්ලා සිටියේය.

 

මේ වසරේදී ජපානය සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් සම්පූර්ණ වන බැවින් ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට නායකයින් එකඟ වී තිබේ.

116 Views

Comments