දූෂිත පොසිල බලශක්ති අංශයේ ආධාර අවසන් කිරීමට පියවර ගත් G-7


ලෝක ප්‍රබලයින් දූෂිත පොසිල බලශක්තිය වලට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වෙයි

.

හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම්, 2022 වර්ෂය අවසාන වන විට විදේශීය පොසිල ඉන්ධන ව්‍යාපෘති වෙනුවෙන් මහජන මුදල් මගින් සිදු කෙරෙන ආයෝජන නතර කිරීමට සංවර්ධිත රටවල් හතක කණ්ඩායමේ අමාත්‍යවරු සිකුරාදා දින එකඟ වී තිබේ .

 

බර්ලිනයේ පැවැති සාකච්ඡාවලදී දේශගුණය, බලශක්තිය සහ පාරිසරික ගැටළු පිළිබඳ G-7 අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකට අනුව, 2035 වන විට සිය රටවල බලශක්ති ක්ෂේත්‍රවල කාබන් විමෝචනය විශාල වශයෙන් අවම කිරීමට අමාත්‍යවරු ඔවුන්ගේ කැපවීම තහවුරු කොට ඇත.

121 Views

Comments