පානීය ජලය රැගත් ASDF ගුවන් යානයක් ටොන්ගා රාජ්‍යයට ළඟා වෙයි


ජපාන ගුවන් ආත්මාරක්ෂක හමුදාව සතු A C-130  නම් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පානිය ජලය රැගෙන පසුගිය සෙනසුරාදා  සු?

.

ජපාන ගුවන් ආත්මාරක්ෂක හමුදාව සතු A C-130  නම් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පානිය ජලය රැගෙන පසුගිය සෙනසුරාදා  සුනාමි සහ ගිනිකඳු ගිණි කඳු පුපුරා යාමෙන් බොහෝ දුරට විනාශයට ලක් වූ ටොන්ගා රාජ්‍යයට ළඟා විණි.

 

අදාළ ගුවන් යානය ජපානයේ Komaki ගුවන් හමුදා කඳවුරෙන්  පසුගිය බ්‍රහස්පතින්දා පිටත් වූ අතර  සිකුරාදා දින ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරක ගොඩබා තිබුනේ  නැවත සෙනසුරාදා උදෑසන ටොන්ගා දේශයට පිටත් වෙන අරමුණෙනි.

 

ASDF සඳහා අයත් C-130 සහ C-2 නම් ගුවන් යානා ඉදිරියේදීත් පානීය ජලය සහ අනෙකුත් අාපදා සහන රැගෙන  එම රාජ්‍ය වෙත ළඟාවීමට නියමිතයි.මේ සියලු කටයුතු සිදුකරන්නෙ ජපානයේ අාපදා සහන වැඩසටහන යටතේ යි.

330 Views

Comments