ජපන් භාෂා හැකියාව ඇති පුද්ගලයන් හට ජපානයේ රැකියා


ජපන් භාෂා ප්‍රවීණතාවය ඇති පිරිස් කඩිනමින් ජපන් රැකියා සඳහා යොමු කිරීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි

.

රටට වැඩියෙන් විදේශ විනිමය ලබාගත හැකි රැකියා අවස්ථාවන් සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමේ ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර එහිදී ජපානයේ රැකියා අවස්ථාවන් පුලුල් කරගැනීම සදහා විශේෂ අවධානය යොමු කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදය කර තිබේ.

 

විශේෂයෙන් එහිදී ජපන් භාෂා ප්‍රවීණතාවය ලබා ඇති පිරිස් කඩිනමින් විදේශ ගත කිරීමට කටයුතු කරන අතර එසේ භාෂා ප්‍රවීණතාවය ලැබූ කණ්ඩායමක් පසුගියදා මෙරටින් පිටත්ව ගොස් ඇති බවත් සිහිපත් කරයි.

 

එමෙන්ම පසුගියදාජපන් ජාත්‍යන්තර සබඳතා සංවිධානය(International Relations Organization –IRO) මගින් ක්‍රියාත්මක කරන කරන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යන කණ්ඩායමට, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ගමන් ප්‍රවේශපත් ලබා දීඉමද සිදුකල අතර ජපානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සබදතා සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම කණ්ඩායම ජපානය බලා පිටත්ව ගිය  බවත් සඳහන්.

Comments