Tokyo හි පැවැති යුද විරෝධී ප්‍රදර්ශනය


ටෝකියෝ නුවර දී යුද විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වේ

.

රුසියාව යුක්‍රේනය තුළ සිදුකළ විනාශකාරී ආක්‍රමණයට එරෙහිව සාමූහික විරෝධය ප්‍රකාශ කිරීමේ අරමුණින් යුක්‍රේනයේ සහ රුසියාවේ කලාකරුවන් සමූහයක් එක්ව මාස ගණනාවක සිට Tokyo හි යුධ විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම සිදු කරනු ලබයි. 

 

වර්තමානයේදී Kanagawa ප්‍රාන්තයේ වාසය කරන යුක්‍රේනියානු ඡායාරූප ශිල්පිනියක් වන 46 හැවිරිදි Lena Aframova, රුසියාව විසින් තම මව්බිම ආක්‍රමණය කිරීම පිළිබඳ ප්‍රවෘත්ති ආවරණය නැරඹීමෙන් පසුව මෙලෙස ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කොට තිබේ .

 

ජපානයේ ජීවත් වන රුසියාවේ සහ බෙලරුසියාවේ කලාකරුවන් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුගේ මෙහෙයවීමෙන් බටහිර Tokyo නගරයේ Fuchu හි පිහිටි ටෝකියෝ විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාල පුස්තකාලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ඇතුළුවීම නරඹන්නන් හට නොමිලේ වන අතර ජුනි 16 දක්වා එය විවෘතව පවතී.

Comments