සුප් පානයකට නිදිපෙති දමා දී කාන්තාවකට අතවර කළ අයෙක් කොටුවේ


ඔහු 82 හැවිරිදි පුද්ගලයෙකි.

.

30 හැවිරිදි කාන්තාවකට ලබා දුන් සුප් එකකට නිදි පෙති දමා ඇයට ලිංගික අතවර කළ බවට සැකපිට 82 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එඩෝගාවා වෝඩ්හි පදිංචි නොරිටාකා අකිටා නමැති සැකකරුගේ නිවසේදී මෙම සිද්ධිය සිදු වී ඇත.

සිද්ධිය වූ දින රාත්‍රියේ ඔහු සමඟ රාත්‍රී ආහාරය ගැනීමට අදාල කාන්තාව පැමිණ ඇති අතර ඇගේ මව සැකකරුගේ දිගුකාලීන මිතුරියක බවද වාර්තා වේ.

123 Views

Comments