ධාරානිපාත වර්ෂාවෙන් සේදී ගිය දකුණු චීන භූමිය


දකුණු චීනයේ ධාරානිපාත වර්ෂාවෙන් එම ප්‍රදේශයට බරපතල හානි

.

මේ වනවිට දකුණු චීනය පුරා ඇදහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වය හමුවේ අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේය.

 

චීනයේ නැඟෙනහිර වෙරළ ආසන්නයේ Fujian පළාතේ සිදුවූ නායයෑම්වලින් ගොඩනැගිලි දෙකක් කඩා වැටී ඇති අතර එහි සිටි පුද්ගලයන් අට දෙනකු මිය ගොස් ඇති බව Wuping ප්‍රාන්ත කාර්යාලයේ තොරතුරු  උපුටා දක්වමින් නිල Xinhua පුවත් ඒජන්සිය පැවැසීය .

 

මේ අතර Guangxi කලාපයේ Xincheng හි සිකුරාදා ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා ගසාගෙන ගිය ළමුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවත් අනෙක් දෙදෙනා මිය ගිය බවත් බලධාරීන් පැවැසූහ.

137 Views

Comments