මිසයිල දියත් කිරීමේ මෙහෙයුම් හෙළා දකින රාජ්‍ය නායකයෝ


විවිධ අවස්ථාවල මිසයිල දියත් කිරීම ලෝක ප්‍රබලයන් හෙළා දකින

.

කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණය කිරීමට එක්ව කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමින් ජපානය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කියා සිටියේ ඔවුන් උතුරු කොරියාවේ මෑත කාලීන බැලස්ටික් මිසයිල දියත් කිරීම් "තදින් හෙළා දකින" බවයි. 

 

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jin යන නායකයන්  කොරියානු අර්ධද්වීපයේ "සම්පූර්ණ න්‍යෂ්ටිකහරණය සඳහා ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට" සිකුරාදා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය අනුව ප්‍රතිඥා ලබා දුන් අතර පූර්ව කොන්දේසි නොමැතිව උතුරු කොරියාව සමඟ සංවාදයක් පැවැත්වීමට විවෘතව සිටින බව පැවසීය. 

 

මෙම වසරේ ආරම්භයේ සිට Pyongyang විසින් Ballistic මිසයිල අත්හදා බැලීම් වට 15ක් සිදු කර ඇති අතර, එහි නවතම අත්හදා බැලීම එක්සත් ජනපද ජනාධිපති Jeo Biden දකුණු කොරියාවේ සහ ජපානයේ සිදුකළ පස්දින සංචාරය අවසන් දිනට පසු දින වූ අඟහරුවාදා සිදු කළේය .

104 Views

Comments