රේල් පීලි මත ගල් තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට


ඔහු Hiroki Koike නම් 33 හැවිරිදි පුද්ගලයෙකි.

.

Aichi ප්‍රාන්තයේ Oguchi හි පොලිසිය විසින් Meitestuහි දුම්රිය  හරස් මාර්ගයක රේල් පීලි මත ගල් තැබීමෙන් දුම්රිය ගමනාගමනට බාධා කළ බවට සැකපිට 33 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Hiroki Koike නම් අදාල සැකකරු චෝදනාව පිළිගෙන ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.  

"ඒ කාලයේ මගේ රැකියාව සහ මගේ පවුලේ අය සමඟ කලකිරීම නිසා මම ආතතියට පත්වුණා" යනුවෙන් ඔහු සඳහන් කර ඇති අතර දුම්රියක් පීලි පැනීම දැකීමට අවශ්‍ය වූ බවද ඔහු පොලිසියට පවසා ඇත.

ඔහු අයිචි ප්‍රාන්තයේ කොනන් නගරයේ දුම්රිය හරස් මාර්ගයකදී තුන් වතාවක් දුම්රිය මාර්ගයට ගල් තැබූ බව පොලිසිය පවසයි.  

 

80 Views

Comments