Corona වෛරසයේ omicron ප්‍රභේදය සඳහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකළ නව එන්නතක් මේ වසරේ සරත් සෘතුවේදී ජපානයට සැපයීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව එක්සත් ජනපද ඖෂධ දැවැන්තයා වන Moderna Inc. හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Burton විසින් මැයි 27 දින පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
Moderna විසින් Wuhan සහ omicron යන ප්‍රභේද දෙකටම එරෙහිව ඵලදායී අමුද්‍රව්‍ය ඒකාබද්ධ කරමින් නිෂ්පාදනය කළ නව messenger RNA (mRNA) එන්නතෙහි සායනික අත්හදා බැලීම් මේ වනවිට අවසන් වී ඇති බැවින් එය ඉදිරියේදී බූස්ටර එන්නත් සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කෙරේ.
නව omicron එන්නත භාවිතයෙන් දිගු කාලයක් සඳහා වෛරසයට එරෙහිව දේහයට ශක්තිමත් ආරක්ෂාවක් සැපයෙන බැවින් වසරකට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් විය හැකි බව Paul තවදුරටත් එන්නත පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.