වෙන්දේසියට දැමූ නගරාධිපතිවරයාගේ සුඛෝපභෝගි කාර්යාල මේසය සහ පුටුව   


ජපානයේ හිටපු නගරාධිපති වරයෙකුගේ සුඛෝපභෝගී මේසය සහ පුටුව වෙන්දේසියට දමයි

.

නැගෙනහිර ජපානයේ Ichikawa නගරයේ හිටපු නගරාධිපතිවරයෙකු විසින් භාවිතා කරන ලදැයි සැලකෙන සුඛෝපභෝගී කාර්යාල මේසයක් සහ පුටු කට්ටලයක් අන්තර්ජාල වෙන්දේසියක් හරහා විකිණීමට සුදානම් කර ඇති බව නාගරික රජය මැයි 26 දින නිවේදනය කළේය.

 

2020 අගෝස්තු මාසයේදී අර්ධ වශයෙන් විවෘත කරන ලද නව Ichikawa නාගරික ආණ්ඩු ගොඩනැගිල්ලේ තබා ඇති මෙම මේසයේ සහ කට්ටලයේ දළ වටිනාකම බදු ඇතුළුව යෙන් 1,982,200 බවට ගණනය කොට තිබේ. 

 

වර්ග මීටර් 145 කින් යුතු මෙම අතිසුඛෝපභෝගී නගරාධිපති කාර්යාලය "ඉතා ඉඩකඩ වැඩි සහ පිරිවැය අධික වීම " යන පදනම මත ලේකම් කොට්ඨාශයක් බවට පත් කිරීමට නියමිත අතර නව කොටස් ස්ථාපනය කිරීම ඇතුළු සියලු ඉදිකිරීම් කටයුතු එළැඹෙන ජුනි මාසයේදී ආරම්භ කිරීම සිදු කෙරේ .

Comments